fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

මීරිගම හරහා යන කාර්යාල දුම්රියවලට තාවකාලික පිළියමක්

කොළඹ සිට මීරිගම දක්වා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු වේයන්ගොඩට පමණක් සිමා වුණා.

මේ සම්බන්ධයෙන් ත්‍රිවිධ24 දුම්රිය සාමන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගෙන් විමසීමක් කළා.

එහිදී දුම්රිය සාමන්‍යාධිකාරිවරයා පැවසුවේ එම දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු මේ වන විටත් සිදුවන බවයි.

කෙසේ නමුත් තාවකාලික පිළියමක් යොදා මහව, කුරුණෑගල සහ රඹුක්කන බලා ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය අද(15) සවස සිට ධාවනය කරවීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ නමුත් රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය කරවීමට තව දින කිහිපයක් ගතවන බවයි දුම්රිය සාමන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර මුන්දලම සහ පාලවිය අතර හානි වී ඇති දුම්රිය මාර්ගයත් , කඩුගන්නාව සහ බලන අතර දුම්රිය මාර්ගයේත් හානි සිදුව ඇති තැන් මේ වන විට පිලිසකර කිරිම් ආරම්භ කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest