fbpx

1988 මගෙත් ගේ ගිණි තිබ්බා, ඒ වේදනාව මම දන්නවා – අනුර කුමාර

මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට පහරදීම ජාතික ජන බලවේගය විසින් සැලසුම් කොට දියත් කරන ලද ප්‍රහාරයක් යනුවෙන් සමහර මන්ත්‍රීවරුන් පූර්ව නිගමනයක සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අපි ඇති තරම් බැට කාපු සංවිධානයක් බවත් පසුගිය සෑම මැතිවරණයකදීම වගේ අපේ සහෝදරයින් ඝාතනය වුවත් ගල් කැටයක් අතින් නොගත් ව්‍යාපාරයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රී වරයාගේ කතාවෙන් අනතුරුව අඳහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම අඳහස් පළ කළා.

වැඩිදුරටත් අඳහස් දැක් වූ ජාතික ජන බලවේගයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,

“එකිනෙකාගේ අවලාද වලට , මඩ ගැහිලි වලට , එකිනෙකාගේ යටි කුමන්ත්‍රණ වලට බියේ දේශපාලනය කරන මිනිස්සු නෙවෙයි අපි.

මොකද 1988 මගෙත් ගේ ගිණි ගත්තා මමත් දන්නවා. මගෙත් ගේ ගිණි තිබ්බා.

ඒ නිසා ඒ වේදනාව , ඒ කෝපය තේරුම් ගන්න පුළුවන්. අපෙත් සහෝදරයෝ නැති වෙලා තියනවා.

ඒත් ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටපු දේශපාලන ව්‍යාපාරයක් අපි”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles