පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් , කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස නියෝගය ලබා දී තිබෙනවා.
කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීමෙන් පසු රැඳවූවන් 514 දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබූ බවත්, තවත් රැඳවූවන් 30 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසනවා.