2022 වසරේදී සමගි ජල බලවේගයේ රජයක් යටතේ පාර්ලිමේන්තුවට අයවැයක් ඉදිරිපත්කරන බව කුරුණැගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
නලින් බණ්ඩාර මහතා ඒ බව කියා සිටියේ නුවරඑලිය දිස්ත්රික්කයේ සමගි ගොවිබලවේගයේ සමගි ගොවි බලමණ්ඩල පිහිටුවිමේ රැස්විමට ඊයේ (12) සහභාගී වෙමින්.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නලින් බණ්ඩාර මන්ත්රිවරයා කියා සිටියේ ලබන වසරේ මුල් කාර්තුව තුල මේ රටේ විශාල ආහාර අර්බුධයක් මතුවන බවත්, මේ වන විටත් වත්මන් රජයට සහයෝගය දැක්වු වැඩි පිරිසක් රජය විවේචනය කරමින් සමගි ජනබලවේගය කරා එක්වි සිටින බවයි.
සමගි ජන බලවේගයේ රජයක් තුලින් මේ රටේ ගොවියා ශක්තිමත් කිරිමේ වැඩපිලිවෙලක් දියත් කරන බවද නලින් බණ්ඩාර මන්ත්රිවරයා වැඩිදුරටත් පවසනවා.