රජයේ ආයතන, බැංකු, දුරකථන පහසුකම් සපයන්නන් හා රෝහල් වැනි ආයතන විසින් පෞද්ගලික දත්ත රැස්කර ඒවා ප්‍රයෝජනයට ගනු ලැබීමේ දී එම දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමට අවශ්‍ය වන විධිවිධාන සැලසීම සඳහා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කෙටුම්පතක් සකස් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(16) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ.