fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

සජබ විරෝධතාවලට අධිකරණයෙන් අවසර

සමගි ජන බලවේගය විසින් අද දින පැවත්වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල පොලිසිය විසින් කරනු ලැබූ තවත් ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රතික්ෂේප කළා.

බොරැල්ල පොලිසිය විසින් අදාළ ඉල්ලීම අද(16) දින යළි ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පොලිසියේ ඉල්ලීමට විරෝධය පළ කළ අතර එය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළා.

මේ අතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මෙලෙස අවහිර කරන සියලු නිලධාරින්ට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ නීතිමය පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ නීති ලේකම් ජනාධිපති තිසත් විජේගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද ද(16) කොළඹ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest