කිලිනොච්චියේදී සිදුවූ සුඛෝපභෝගී බස් රථ අනතුරකින් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථය ඉරණමඩු හන්දිය අසලදී අනතුරට ලක්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ මගීන් 23දෙනා මේ වන විට කිලිනොච්චිය රෝහලේ ප්රතිකාර ලබන බවයි.
අද (දෙසැම්බර් 05) අලුයම 4.45 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලීසිය පැවසුවේ, කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබියදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බව ය. .
අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.