fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

සැකකරුවන්ට ආරක්ෂාව සැලැස්වීමට අසමත්වීම ගැන පොලිස්පති කරුණු පැහැදිලි කළ යුතුයි – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

රාජ්‍ය අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ හිමිකම් ආරක්ෂා කිරීමට පොලිසිය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රටේ ඉහලම අධිකරණයෙන් ලබාදෙන තීන්දු කෙරෙහි පොලිසිය කිසිදු සැලකිල්ලක් නොදක්වන බවයි.

මෙවැනි සිදුවීමකට ආසන්නතම සිද්ධිය ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ පසුගිය 26 වැනිදා කළුතර ප්‍රදේශයේදී ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේ පොලිස් වෙඩි පහරින් මියගිය එච්.එල්.ලසන්ත හෙවත් “ටින්කරින් ලසන්ත” නමැති අපරාධ කල්ලි සමාජිකයාගේ ඝාතනයයි.

මෙවැනි සිදුවීම් හරහා යුක්තිය පසිඳලීමේ සමස්ත ක්‍රියාවලියම ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වෙන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එසේම පොලිස් අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන්ට ආරක්ෂාව සැලැස්වීමට අසමත්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කරුණු පැහැදිලි කළ යුතු බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest