කටාර් රාජ්‍ය විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට රුපියල් මිලියන 55 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (01) පරිත්‍යාග කෙරිණි.
එම ප්රදානය ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසීම් ජේබර් අල් සෝර් ( Jassim Jaber Al Sorour) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් භාර දුන්නේ ය.