6,7,8 සහ 9 ශ්‍රේණි සදහා පාසල් ලබන සදුදා ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා කියා සිටියේ දැනටමත් සමහර තැන්වල පාසල් ඇතුළේ දරුවන් ආසාදනයට ලක්වී ඇති බවත් ඒ නිසා නැවත කිසියම් විදියකින් වගකීම් විරහිත හැසිරීමක් නිසා මේ වසංගත තත්ත්වය තවදුරටත් වැඩි වී එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් නැවත වසා දමන්න සිදුවුවහොත් එය ජාතික අපරාධයක් බවයි.