රත්නපුර පොලිස් වසමේ හිදැල්ලන ප්රදේශයෙන් 24 හැවිරිදි තරුණයෙකුගේ ඝාතනයක් සෙනසුරාදා (12) වාර්තා වේ.
සෙනසුරාදා අලුයම රත්නපුර පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ පුද්ගලයෙකුට පහර දී ගසක බැඳ ඇති බවයි.
මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් 1990 ගිලන්රථ සේවයේ සහය ඇතිව එම පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූ පුද්ගලයා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී එදින පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ කුරුවිට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා විවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවත්, එම කාන්තාවගේ සැමියා විසින් ඔහුට පහර දී ගසක බැඳ ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත් පොලිසිය පවසයි.
37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.