මුල්ලේරියාව පොලිස් වසමේ අංගොඩ, අඹතලේ ප්රදේශයේ පදිංචි මාස 3ක් වයසැති බිළිඳියක් සිකුරාදා (16) සවස සිය නිවසේදී සිදුවූ අනතුරකින් පිළිස්සී මිය ගොස් තිබේ.
ඔවුන්ගේ මව නිවසින් පිටතට ගොස් අසළ නිවසකට ගොස් සිටියදී ඉහත කී බිළිඳිය සහ ඇගේ 5 හැවිරිදි සහෝදරිය පමණක් නිවසේ සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.
මව ජල හීටරය සම්බන්ධ කර නිවසින් පිටව ගොස් ඇති අතර මුදල් නොගෙවීම හේතුවෙන් නිවසට විදුලිය ඇනහිට ඇති බැවින් අසල නිවසකින් අනවසරයෙන් නිවසට විදුලිය ලබාගෙන ඇති බව පොලිසිය පවසනවා.
වතුර හීටරය ගිනිගෙන බිළිඳා නිදා සිටි ඇඳට ද පැතිර ගොස් තිබේ. නිවසේ ගින්නක් හටගෙන ඇති බවට වැඩිමහල් දරුවා දැනුම් දීමෙන් පසු මව නිවසට පැමිණෙන විට මාස 3ක් වයසැති බිළිඳා එම ස්ථානයේදීම පිළිස්සී මියගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.