හක්මන – කෙඹිලියාපොළ දකුණ ප්රදේශයේ බැංකු පරිශ්රය තුළදී ඊයේ පස්වරුවේ රාජ්ය බැංකුවක 22 හැවිරිදි සේවිකාවක් පිහියකින් පහරදීමෙන් මියගොස් තිබෙනවා.
පවුල් ආරවුලක් මත සැමියා විසින් මෙම කාන්තාවට පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු බැංකුවට ඇතුළු වී කාන්තාවගේ හිසට සහ බෙල්ලට ආයුධයෙන් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
කාන්තාව ගංගොඩගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන අතර, ඝාතනයට ලක්ව ඇත්තේ හක්මන පුවක්ගස්දෙණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ප්රහාරයෙන් පසු සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.