පසුගිය ඔක්තෝබර් 13 වැනිදා සිට මැල්සිරිපුර ප්රදේශයේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ කුණු වළක තිබී සොයා ගෙන තිබෙනවා.
මැල්සිරිපුර, රේස්වත්ත, 15 කණුව ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසින් අතුරුදන් වූ බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මැල්සිරිපුර පොලිසිය විසින් මෙම පුද්ගලයාගේ මළ සිරුර ඔහුගේ නිවස පිටුපස කසල වළක තිබී රෙදි කැබැල්ලක ඔතා තිබියදී සොයා ගෙන ඇත.
මියගොස් ඇත්තේ 69 හැවිරිදි රේස්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි ඔහු තනිවම ජීවත් වූ අයෙකි.