ගම්පහ නව මිනුවන්ගොඩ මාර්ගයෙහි අත්තනගලු ඔය පාලම අසල තිබී කාන්තා මළ සිරුරක් අද (30) පෙරවරුවේ සොයා ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
වයස අවුරුදු 55 – 60 ක් පමණ විය හැකි මෙම කාන්තාව අඩි හතරක පමණ උසැති තැනැත්තියක් බවද පොලීසිය පවසයි.
මියගොස් සිටින මෙම තැනැත්තිය කාගේ කවුරුන්ද යන්න සොයා ගැනීම පිනිස පරීක්ෂණ සිදු කෙරෙන බව ගම්පහ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පැවසීය