ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ දෙවැනි මහලේ ස්කැන් උපකරණ කාමරයක අද (10) පස්වරුවේ දි ගිණි ගැනිමක් ඇති වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය යු.එස්. පි. රංග මහතා පවසයි.
විදුලි කාන්දුවක් නිසා මෙකි ගිණි ගැනිම ඇතිවන්නට ඇති බවට සැකකරණ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. ගිණි ගැනිමෙන් සැකැන් උපකරණ ඇතුළු දේපලවලට හානි වි ඇත. මෙකි ගිණි ගැනිමත් සමග පිලිකා ඒකකයේ ඉහලමාලයේ සිටි පිලිකා රෝගින් ආරක්ෂිතව පහලට ගැනිමට රෝහල් කාර්යමණ්ඩලය විසින් කටයුතු කරණු ලැබිය.
ගාල්ල මහනගර සභාවේ ගිණි නිවන ඒකකය මගින් ගින්න නිවා දැමිමමට කටයුතු කරණු ලැබිය. නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි පිලිකා රෝගින් නැවත වාට්ටුවලට යොමුකිරිමට කටයුතු කළ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.