ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2020 වර්ෂයේදී ඖෂධ පර්යේෂණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් පමණ වැයකර මිලදීගෙන තිබූ ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ 213කින් කිලෝ 175ක් නියමිත ප්‍රමිතියෙන් තොර පාවිච්චියට නුසුදුසු ඒවා බවට තහවුරුවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විවිධ හේතු මත ඖෂධ නිෂ්පාදනය එම වර්ෂයේදී ඖෂධ පෙතිවල විචලතා, අයහපත් පෙනුම හා පෙති කැඩීයාම වැනි හේතු නිසා අතරමඟ නවතාලීම නිසා රුපියල් ලක්ෂ විසි හයකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි විගණන අංශ පවසයි.එසේම සෑම වර්ෂයකම නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුවන මෙම අයහපත් තත්වය අවම කර ගැනීමට කටයුතු කර නොතිබූ බවද ප්‍රකාශ කරයි
මේ අතර වෛද්‍ය සැපයුම් අංශය විසින් 2020 වර්ෂයේදී ඇණවුම් කෙරුණු රුපියල් කෝටි සීයක් පමණ වටිනා ඖෂධ වර්ග 26කින් ඒකක මිලියන 570.78ක ප්‍රමාණයක් සැපයීමට සංස්ථාව අපොහොසත්වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.