රුපියල් කෝටි 4කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව දෙහිවල ප්‍රදේශයේ නීතිඥවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිඥවරයා අඟහරුවාදා (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගෙන තිබෙනවා.
හෝටලයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු වූ වංචාවට අදාළ නීතිඥවරයා සම්බන්ධ බවට රහස් පොලිසිය සැක කරන බව වාර්තා වේ.
ගිණුමේ මුදල් නොමැතිව රුපියල් මිලියන 40.6ක චෙක්පතක් ලබාදී වංචනික ගනුදෙනුවක නිරතවීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
මොවුන් දෙදෙනා මීට පෙර නිවසක් විකිණීමේ ගනුදෙනුවකදී එක්ව කටයුතු කර ඇති බැවින් වින්දිත පුද්ගලයා නීතිඥවරයා සමඟ ව්‍යාපාරවල නිරත වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය පවසනවා.
එම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සිදුකෙරෙන විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.