ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුවේ කරුණු ප්‍රසිද්ධ කිරීමට සිඩ්නි මහේස්ත්‍රාත්වරයා අද මාධ්‍ය වෙත අවසර ලබාදුන්නා.
Sydney Morning Herald පුවත්පතට අනුව මීට පෙර මාධ්‍ය වෙත පනවා තිබූ මර්දන නියෝගය අද අධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉවත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙනවා.
අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ධනුෂ්ක ගුණතිලක වීඩියෝ සබැඳිය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.