ලබන වසරේ (2023) පාසල්වල 10 ශ්‍රේණිය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) විෂයයක් ලෙස හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
උත්සවයක් අමතමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට තාක්ෂණය ඒකාබද්ධ කිරීම සඳහා මයික්‍රොසොෆ්ට් නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට තාක්ෂණය භාවිතයෙන් ඉදිරියට යා යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අධ්‍යාපනික පාඩම් සඳහා තාක්ෂණය භාවිත කිරීමට හැකිවන පරිදි සියලුම ගුරුවරුන් ද පුහුණු කළ යුතු බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.