හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 15ක් තුළ සිංගප්පූරුවෙන් ඉවත්වන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වනවා.
ඔහු මාලදිවයිනේ සිට සෞදි එයාර් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා ඉකුත් 13 වෙනිදා පිටත්ව ගොස් තිබුණා.
ඉන් අනතුරුව ඔහු සිංගප්පූරුවේ සිට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු දේශපාලන රැකවරණ ඉල්ලා නොමැති බවත් සාමාන්‍ය සංචාරකයෙකු ලෙස පැමිණ ඇති බවත් ය.