උතුරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (21) මුතුවාල් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් අනතුරුව මත්ද්‍රව්‍ය කරල් 78,700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී මත්කුඩු කරල් 4800ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරුගේ කළුබෝවිල නිවසේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කරල් 73,800ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවූයේ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදීය.
සැකකරු කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.