ආනයනික ඉලෙක්ට්‍රොනික උපකරණ අඩු මිලට ලබාදෙන මුවාවෙන් මහජනතාව මූල්‍ය වංචා කළ හබරාදූව ප්‍රදේශයේ 23 හැවිරිදි වෙබ් නිර්මාණකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු බදාදා (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඩිජිටල් අධිකරණ වෛද්‍ය රසායනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
සැකකරු රූපවාහිනි, ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ කිහිපයක් අලෙවි කරන බව පවසමින් ෆේස්බුක් පෝස්ට් හරහා ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වන අතර පසුගිය මාස 06 තුළ සිදුකළ ව්‍යාජ ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 56ක මුදලක් උපයාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.
පොලිස් ස්ථාන 100කට ආසන්න සංඛ්‍යාවක මෙම ව්‍යාජ ව්‍යාපාරය පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව සඳහන් කළ පොලිසිය, සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මිතුරන් 12 දෙනෙකු සමඟ එක්ව මෙම වංචාව සිදුකර ඇති බව සඳහන් කළේය.
මෙම වංචාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.