fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

කන්දකාඩු ප්‍රචණ්ඩත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

පොළොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (06) සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සඳුදා (07) කැඳවා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට ගත යුතු පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

ඊයේ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ අතර එහි සිටි රැඳවියන් කිහිප දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා යමින් සිටියහ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest