හංවැල්ල ප්රදේශයේ අවන්හලක හිමිකරුවෙකු ඊයේ (18) රාත්රියේ හංවැල්ල හරස් මාර්ගය අසලදී නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මියගිය පුද්ගලයාගේ අවන්හල තුළ සිටියදී වෙඩි තබා ඇති බවයි.
සැකකරුවන් පිස්තෝලයක් උපයෝගී කරගෙන ප්රහාරය එල්ල කර ඇති අතර වෙඩි තැබීමත් සමඟ ප්රදේශයෙන් පලාගොස් තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.