පවතින මිලට අනුව ඩීසල් සහ භූමිතෙල් බෙදා හැරීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට එකඟ වුවද මේ මාසයේ දී එය සිදු නොකිරීම තුළ මහජනතාව දැඩි අපහසුතාවයකට පත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විතානගේ මහතා පෙන්වා දුන්නේය.