මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර සැපයීමේ දී යම් සමාගමක් තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයුවහොත් එවැනි සමාගම් අසාදු ලේඛන ගත කරන බවත් ඔවුන්ට කිසිදු ගෙවීමක් නොකිරීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දිවයිනේ සියලුම කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් කැඳවා මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර සැපයීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (31) පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මහ කන්නයේ වී වගාවේ දී සියයට 30ක් කාබනික පොහොර ද, සියයට 70ක් රසායනික පොහොර ද යොදා ගනිමින් වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත. ඒ අනුව මෙවර මහ කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000කි.
නමුත් මේ වනවිට කාබනික පොහොර නිෂ්පාදන සමාගම් සතුව පවතින පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80,000කි.