‘නිදහස් ජනතා සභාවට’ අනුව ආණ්ඩුව ජනතාවට අසාධාරණයක් වන අයවැයක් ඉදිරිපත් කළහොත් ආණ්ඩුවට විරෝධයක් එල්ල වනු ඇත.
අද (ඔක්තෝබර් 28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ දැනට දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාව ආරක්ෂා කළ හැකි අයවැයක් රජය විසින් ඉදිරිපත් කළ යුතු බවයි.
2023 වසර සඳහා වන අයවැය නොවැම්බර් 14 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.