තරුණ ක්‍රියාකාරිනී නිර්මන්ලි ලියනගේ අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකදී ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නිර්මන්ලි ලියනගේ මෙලෙස අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු තිස් ගණන්වල මැද භාගයේ පසුවිය.
ඇය ඊයේ සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ පුරවැසි සංවාදයකට ද සහභාගී වී තිබුණා. නිර්මන්ලි ලියනගේ මේ වසර මුලදී ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියේ පුරවැසි සංසදයක් පිහිටුවීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.
තරුණ දක්ෂ ක්රියාකාරිකයකුගේ හදිසි වියෝව පිළිබඳ ශෝකය පළ කරමින් ක්‍රියාකාරීන් රැසක් ශෝක පණිවුඩ සමාජ මාධ්‍යවල පළ කර තිබුණි.