26 හැවිරිදි ගුවන් භටයෙකු ඊයේ සවස ඔහුගේ ජීවිතය නැති කර ගෙන ඇති බවට සැක කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ තහවුරු කළේය.
ඔහු කියා සිටියේ ඊයේ රාත්‍රී 7.30 ට මෙම ගුවන් භටයා මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රාජකාරියේ යෙදී සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි.
කඳවුර තුළ වෙඩි හඬක් ඇසීමෙන් පසු සෝදිසියක් සිදු කර ගුවන් හමුදා සෙබළාගේ සිරුර සොයා ගත් බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, පොලිසියේ පරීක්ෂණ අවසන් කර ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභ්‍යන්තර පරීක්ෂණය මේ වන විට සිදුවෙමින් පවතින බවයි.
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර අනතුරුව දේහය පවුලේ අයට භාරදීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මියගොස් ඇත්තේ අලව්ව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.