fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

කොළඹ ප්‍රදේශ හතරකට හෙට පැය 11ක ජල කප්පාදුවක්

හදිසි අලුත්වැඩියා  කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ හතරකට හෙට (30) සෙනසුරාදා රාත්‍රී 9.00  සිට අනිද්දා (31) ඉරිදා පෙරවරු 8.00  දක්වා  පැය 11 ක කාලයක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික  ජල සම්පාදන හා ජල  පවහන මණ්ඩලය පවසයි.

මෙසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ කොළඹ 9, කොළඹ 10, කොළඹ 11 සහ කොළඹ 12  ය.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන  විසින්  සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියේ   කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන්  ජල සැපයුම මෙසේ අත්හිටුවන බව  මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest