fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

තවත් නව ගැසට් නිවේදනයක්

විදුලි සැපයුම, ඛනිජ තෙල් සහ රෝහල් ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (2022 නොවැම්බර් 03 දින) සිට ක්‍රියාත්මක වන පරිදි ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ගැසට් නිවේදනයට අනුව පහත දෑ අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

  • විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්,
  • ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,
  • රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවාවන්, වැඩ, හෝ ශ්‍රමය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest