පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අතුරුදන්
එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගි වූ තුන්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයාද අතුරුදන් වීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා.
මීට පෙර ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩකයෙකු සහ ජූඩෝ කණ්ඩායමේ නිලධාරියෙකු ද අතුරුදන් වූ බව වාර්තා විය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩා උළෙලේ ආරක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.