fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

හිටපු ජනාධිපති ආර්යාවගෙන් කප්පම් ගැනීමට තැත් කළ බාබර් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ආර්යාවගෙන් කප්පම් ගැනීමට තැත් කළ බාබර් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගෙන් කප්පම් ගැනීමට තැත් කළ බව කියන බාබර්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බාබර් හිටපු ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂට දුරකථන ඇමතුමක් දී රුපියල් මිලියනයක් කප්පම් ගැනීමට උත්සාහ කර තිබෙනවා.

සැකකරු කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඇයගෙන් කිහිප වතාවක්ම මුදල් ඉල්ලා ඇති බවට වාර්තා වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම පුද්ගලයා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති රාජ්‍ය විරෝධී විරෝධතා ව්‍යාපාරයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහු හිටපු ජනාධිපති ආර්යාවට තර්ජනය කර ඇත්තේ තමන් ඉල්ලා සිටින පරිදි රුපියල් ලක්ෂ 10ක් ගෙවීමට අපොහොසත් වුවහොත් ගාලු මුවදොර උද්ඝෝෂණවලට වඩා ආක්‍රමණශීලී සහ බලගතු සුනාමි තත්ත්වයකට මිරිහානේ පිහිටි ඇගේ නිවස අවටින් මුහුණ දීමට සිදුවන බව පවසමිනි.

සැකකරුගෙන් පළමු දිනයේ දුරකථන ඇමතුම් 19ක් ද, දෙවන දිනයේ ඇමතුම් 8ක් ද, අවසන් දිනයේ ඇමතුම් තුනක් ද හිටපු ජනාධිපති ආර්යාවට ලැබී ඇති බව පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා හිටපු ජනාධිපති ආර්යාවට තර්ජනය කරන බව දන්වා තිබියදීත්, පසුව ඔහු ඇයට තවත් දුරකථන ඇමතුම් 12 ක් ලබා දුන්නේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest