බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථ රියදුරකුට සහ කොන්දොස්තරවරයකුට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් බදුල්ල – කොළඹ පෞද්ගලික බස් රථ අද (28) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක බව කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළේ ප්‍රකාශකයෙක් අද රාත්‍රී පැවසීය.
සතියේ දිනකදී සාමාන්‍යයෙන් බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළෙන් විනාඩි 45 කට වරක් බදුල්ල දක්වා බස් රථයක් පිටත්ව යන බවත් අද දිනයේ වැලිමඩ බස් රථයක් ඇතුළු බස් රථ දෙකක් පමණක් පිටත්ව ගිය බවත් එම ප්‍රකාශකයා කීය.
බදුල්ල – කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් රථ 70 ක් පමණ ධාවනය කරන බව කී එම ප්‍රකාශකයා එම සියලුම බස් රථ වර්ජනයට සහභාගි වී සිටින බව ද සඳහන් කළේය.