2023 දී මඩකලපුව හොඳම සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) වාර්තා කළේ, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී පැවති බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉඩම් හඳුනාගැනීමේ රැස්වීම ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරුගල්ආරු සිට මඩකලපුව දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අයත් වෙරළබඩ ඉඩම් හඳුනාගැනීම පිළිබඳව සාකච්ඡාවට ගැනුණා.
ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කර 2023 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් බවට මඩකලපුව පත්කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වූ බව පීඑම්ඩී ප්‍රකාශ කළේය.