බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන්වූ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
මේ අතර දුම්රිය මඟී සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අද හිමි වුනා.
ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසිනුයි අදාළ යෝජනාව ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ.
ඒ අනුව, බස් ගාස්තුවෙන් අඩක් වන පරිදි දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට එහි දී අනුමැතිය හිමි වී තිබෙනවා.