fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

පාසල් මට්ටමින් ජපන් භාෂා නිපුණතාවය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

පාසල් මට්ටමින් ජපන් භාෂා නිපුණතාවය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

පාසල් මට්ටමින් ජපන් භාෂා නිපුණතාවය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව ජපානයේ තාක්ෂණික සේවා අභ්‍යාසලාභීන් ලෙස රැකියා සහ ක්ෂේත්‍ර 14ක රැකියා සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලාංකිකයින් සුදුසුකම් ලබා ඇති බව රජය පවසනවා.

ජපන් භාෂාවේ නිපුණතාවය ඒ සඳහා අත්‍යවශ්‍ය සුදුසුකමක් වන අතර අදියර කිහිපයකින් පවත්වනු ලබන විභාගවලින් නිශ්චිතවම සුදුසුකම් ලැබිය යුතුය.

විශේෂ කුසලතා රැකියා වැඩසටහන යටතේ ඉදිරි වසර 05 සඳහා ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 345,000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා..

මේ සඳහා ජපානය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක් (07) සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest