fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමේ වගකීම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට පවරා තිබෙනවා.

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙන්ම එහි අනුබද්ධ සමාගම් ද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව පිළිගෙන ඇති බව රජය පවසනවා.

සීමාසහිත Sri Lankan Airlines Company හි සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකාරිත්වය විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා තෝරාගත් ආයෝජකයින්ට භාර දීමෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සලකා බලා එහි වගකීම මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට පැවරී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest