fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

විදෙස් ගමන් තහනම 2022 දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2006 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

කබ්රාල්ගේ නීතීඥවරයා අද විරෝධතාවක් ගොනු කර තිබුණේ නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ රාජකරුණා මහතා පැමිණිල්ලේ නීතිඥවරයාට දන්වා ඇත්තේ එම විරෝධතාව දෙසැම්බර් මස 15 වැනිදා ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest