fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ සාමාජිකයන් වෙත එම වගකීම ඊයේ භාර දෙන ලදි.

ඒ අනුව මසක් තුළ විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමඟ එම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මසක් තුළ ලබා දීමට කටයුතු කරනු තිබෙනවා.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස පහත සඳහන් සාමාජිකයන් පත් කරන ලදි.

  • ආචාර්ය RHS සමරතුංග – හිටපු ලේකම්,මුදල් අමාත්‍යංශය,
  • MMC ෆර්ඩිනැන්ඩො – හිටපු ලේකම්,විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ,
  • ආචාර්ය සුසන්ත පෙරේරා – හිටපු අතිරේක සාමාන්‍යධිකාරී, ලංකා විදුලිබල මණ්ඩල,
  • තිලාන් විජේසිංහ – හිටපු සභාපති, ආයෝජන මණ්ඩලය,
  • සාලිය වික්‍රමසුරිය – සභාපති, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සහ අධ්‍යක්ෂ ජනරාල්, වරාය නගර ආර්ථික කොමිසම,
  • ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන – හිටපු නීති උපදේශක, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසම,
  • නීතිඥ හර්ෂ ප්‍රනාන්දු – හිටපු ජේෂ්ඨ නීති නිළධාරී, නීතිපති දෙපාර්තමේන්තුව සහ චන්දන විජේසිංහ – අධ්‍යක්ෂ – විදුලිබල අමාත්‍යංශය යනාදී සාමාජිකයන් එම කමිටුවේ වේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest