ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව (ත්‍රිකුණාමලයට කිලෝමීටර් 370ක් නැගෙනහිරින්) පැවති ගැඹුරු පීඩන අවපාතය “මැන්ඩූස්” සුළි කුණාටුවක් දක්වා සංකේන්ද්‍රණය වී ඊයේ පැය 23.30ට 9.2N සහ දේශාංශ 84.6E ආසන්නයේ ස්ථානගත වී ඇත.
එය දෙසැම්බර් 09 මධ්‍යම රාත්‍රිය පමණ වන විට බටහිර-වයඹ දෙසට ගමන් කර නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.