fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

“ආහාර අහේනියක් දිඹුලාගල ගම් 08ක දරුවෝ පාසල් ගමන නවත්වති” – පුවත සාවද්‍යයි

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් විදුහල්පතිවරු සහ ප්‍රදේශවාසීහූ අදාළ පුවත්පත් වාර්තා අසත්‍ය බව තහවුරු කරති.

මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් හතරක් 2022 ඔක්තෝබර් 31 වන සඳුදා දින මනම්පිටිය නිමල් ජයරත්න මාධ්‍යවේදියාගේ නමින් ප්‍රධාන සිරස්තලයක් ද සහිතව “දිඹුලාගල ගම් 08ක දරුවන්ගේ පාසල් ගමන නැවතී ඇති බවත්, ආහාර අහේනියක් නිසා ආයෙත් කැලෑ අල හාරනවා, කැලෑ කොළ කනවා” යනුවෙන් වාර්තා කර තිබෙනවා.

මේ පිළිබඳ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාගෙන් සහ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිදු කළ ලිඛිත විමසීමකදී ඔවුන් විසින් දන්වා ඇත්තේ එම පුවත සාවද්‍ය බවයි.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් ආදිවාසීන් පදිංචි ප්‍රධාන ගම්මානය වන දළුකාන වසමට ගොස් මේ පිළිබඳ සොයා බලා ඇති අතර, එහිදී ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මිය සමඟ ද සාකච්ඡා කර තිබෙන අතර , එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික අපහසුතා පවතින පවුල් ඇති නමුත් ආහාර හිඟකමක් හේතුවෙන් සම්පූර්ණයෙන් පාසල් ගමන අතරහැර දමා සිටින ළමූන් ගම්මානයේ නොමැති බවයි.

මේ පිළිබඳ ප්‍රදේශවාසීන් කිහිපදෙනකු වෙතින් විමසා බැලීමට ද ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති අතර, ඔවුන් ද ප්‍රකාශ කර ඇත්තේ එම පුවත්පත්වල සඳහන් ප්‍රවෘත්තිය කිසිසේත්ම සත්‍ය නොවන බවයි.

තම දරුවන් කැලෑ කොළ කන තරම් ආහාර අහේනියක නොමැති බවත් ආර්ථික අපහසුතා සහ දෙමාපියන්ගේ හේතු මත හෝ වැඩිහිටියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි හේතු නිසා ඇතැම් ළමුන් කඩින් කඩ පාසල් යන බවත් එය ගම්මානයේ අතිශය සාමාන්‍ය සිද්ධියක් බවත් ඔවුන් පවසා තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest