සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ක්රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවත්, ගුණතිලක මහතා හෙට (2022 නොවැම්බර් 7) අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් ICCය විසින් දැනුම් දුන් බව ශ්රී ලංකා ක්රිකට් තහවුරු කර තිබෙනවා.
ICC සමඟ සාකච්ඡා කර, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන අතර වරදකරු වුවහොත් ක්රීඩකයාට එරෙහිව දැඩි පියවර ගනු ඇත.