2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු ශ්‍රී ලංකාව පැය 10ක විදුලි කප්පාදුවකට මුහුණදීමේ අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමයේ ප්‍රධානී නිහාල් වීරරත්න මහතා අද (20) අනතුරු ඇඟවීය.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ඇති ගල් අඟුරු තොගය දෙසැම්බර් 31 වැනිදා දක්වා විදුලිය නිපදවීමට පමණක් ප්‍රමාණවත් බව නිහාල් වීරරත්න මහතා පැවසීය.
ඉන් අනතුරුව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනක් අක්‍රියව තැබීමට සිදුවන අතර විදුලිය නිපදවන්නේ නැතැයිද හෙතෙම කීය.
ජාතියේ විදුලි අවශ්‍යතාවයෙන් 45%ක් නොරොච්චෝලේ බලාගාරයෙන් නිපදවන බව පවසන වීරරත්න, විදුලි ජනක යන්ත්‍ර තුන විසන්ධි කළහොත් පැය 10ක විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවද පැවසීය.
ජල විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජල අවශ්‍යතා ද 75% කින් පහත වැටී ඇති බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරි මාස කිහිපය තුළ ප්‍රමාණවත් මට්ටමට ළඟා වීමට නොහැකි බව ද පැවසීය.
මෙමගින් දැඩි අර්බුදයකට ලක්විය හැකි බවත් ජාතිය ඇනහිටිය හැකි බවත් ලංවිම ඉංජිනේරු සංගමයේ ප්‍රධානියා අනතුරු ඇඟවීය.