fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ වයඹ පළාතේ සිසුවියන්

වයඹ පළාතේ පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන් විශාල පිරිසක් මේවනවිට අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මේවනවිට අනාවරණයවී තිබේ.

ප්‍රධාන පෙළේ විදුහල් රැසක ඉගෙනුම ලබන සිසුවියන් වැඩි පිරිසක් මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවට තොරතුරු ලැබී තිබෙන අතර, ඔවුන්ගේ පෙම්වතුන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් ඔවුනට මත්ද්‍රව්‍ය ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. අට වසරෙන් ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසුවියන් මේ ආකාරයට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව තහවුරු වී තිබේ.

කලකට පෙර පාසල් සිසුන් අතරේ ඉතා ජනප්‍රියව පැවති දිව යට තබා ගැනීමෙන් මත් වන තූල් නමැති මත්ද්‍රව්‍ය මේවනවිට සිසුවියන් අතර බහුලව පැතිරී තිබෙන බවද , බොහෝ විට පාසල් වේලාව තුළ වැසිකිළියට ගොස් ඔවුන් ඒවා භාවිතා කරන බවද හෙළිවී තිබේ.

එසේම සති අන්තයේ ප්‍රධාන නගරවල පැවැත්වෙන පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වන මුවාවෙන් පැමිණන් සිසුවියන් තම පෙම්වතුන් සහ හිතවතුන් හිතවතියන් සමඟ එක්ව මෙම මත්ද්‍රව්‍ය පානයට පෙළඹී සිටින බවද මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest