මීටර් 100 සුදුසුකම් ලැබීමේ පළමු වටයේ තරගයකින් පළමු තැන යුපුන්ට
එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උලෙළේ ධාවන ඉසව් අද ආරම්භ වූ අතර එහිදී දකුණු ආසියාවේ වේගවත් ම පුද්ගලයා වන යුපුන් අබේකෝන් අද පස්වරුවේ සහභාගී වූ මීටර් 100 සුදුසුකම් ලැබීමේ පළමු වටයේ තරගයකින් ප්රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.
ඒ එම තරගය තප්පර 10.06කින් නිමා කරමින්.