පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළව තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලේ විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් කොටුව මහේස්ත්රාත් අධිකරණයට නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගය සඳහා, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද (14) පෙරවරුවේ අභියාචනාධිකරණයට පැමිණ තිබෙනවා.
අදාළ අතුරු නියෝගය නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන අතර සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවීමට නියමිතය.