fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

රුපියල් කෝටි 100 ක් වටිනා රත්‍රං සමඟ මගීන් හතරක් අත්අඩංගුවට

 

රුපියල් කෝටි 100 ක් වටිනා රත්‍රං සමඟ මගීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ, මුලින් රුපියල් කෝටි 16ක් වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 7.5ක් සමඟ මගීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් අද අලුයම ඕමානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

සැකකරුවන් ගමන් මළු තුළ රන් තහඩු සඟවා ගැනීමට උත්සාහ කර ඇති අතර රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර එම ගුවන් යානයේම පැමිණි තවත් මගියෙකු රත්‍රං කිලෝග්‍රෑම් එකක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, සැකකරු රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා මෙම රත්‍රන් තොගය සඟවාගෙන ඇති බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest