fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

පහළ වායු ගෝලයේ කැලඹිල්ල තවදුරටත්

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවත්, මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද දිනයේත් වළාකුළුවලින් බරව පවතින බවත් , කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද , ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

මේ අතර ජාතික ගොඩනැලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක තුනක් සදහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙන අතර, එම සංවිධානය පැවසුවේ ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බවය.

එසේම, ගාල්ල බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල, ඇහැළිගොඩ, ඇලපාත, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට සහ කලවාන යන ප්‍රදේශ සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන අතර , කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය ,දොඩංගොඩ සහ අගලවත්ත, මතුගම සහ බණ්ඩාරගම යන ප්‍රදේශ සඳහා ද නාය යෑම් අවදානම් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව ජාතික ගොඩනැලි පර්යේෂණ සංවිධානය සදහන් කළේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest